සත්‍යයේ පුවත් අඩහැරය….

2021 පළමු පාර්ලිමේන්තු සැසිය ජනවාරි 05 වෙනිදා..

Podu 2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම එළඹෙන ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ඊයේ (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.ඒ අනුව එළඹෙන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැවත වරක් රැස්වී තීරණයක් ගැනීමට නියමිතව ඇති බව ද සඳහන්. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී රජයේ මුදල් කාරක සභාවේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට ද  තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. එම කාරක සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 18 සිට 21 දක්වා වැඩිවන අතර ආණ්ඩු පක්ෂයට එක් සාමාජිකත්වයක් ද, විපක්ෂයට සාමාජිකත්වයන් 02ක් ද ඒ අනුව එක්වනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට