සත්‍යයේ පුවත් අඩහැරය….

මෙවර ශ්‍රි පාද වන්දනාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සිදු කිරීමට පියවර..

Podu මෙවර ශ්‍රි පාද වන්දනා වාරය එළඹෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදි ආරම්භ කිරීමට නියමිත අතර එය නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්වීම සඳහා අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ පිළිබඳ සාකච්ඡාවක් ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (08) දින පවත්වන ලදී. ඒ අනුව දෙසැම්බර් 27 සවස යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සාධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව 28 දා උදෑසන ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා ශ්‍රී පලාබද්දල මාර්ගය, බලංගොඩ මාර්ගය, කුරුවිට මාර්ගය සහ හැටන් නල්ලතන්නි මාර්ගය යන මාර්ග 04 ඔස්සේ වැඩමවීමට නියමිතව ඇත .තවද කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර ශ්‍රීපාද වන්දනා වාරය අවම ජනතා සහභාගිත්වයෙන් සිදු කිරීමට සෞඛ්‍ය උපදෙස් ලැබී ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට