සත්‍යයේ පුවත් අඩහැරය….

පසුගිය ආණ්ඩුවේ ව්‍යාපෘති තමන්ගේ ගිණුමට හරවා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිවා – සමගි ජන බලවේගය

Podu දින 52 කුමන්ත්‍රණකාරී ආණ්ඩුව හේතුවෙන් අවසන් කරගැනීමට නොහැකිවූ, යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් වත්මන් ආණ්ඩුව සිය ගිණුම වෙත හරවා ගෙන විවෘත කරමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (08) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා පහත පරිදි තවදුරටත් මාධ්‍ය වෙත සිය අදහස් පළකළේය.

සත්‍ය තොරතුරු හෙළි නොකර වත්මන් ආණ්ඩුව විසින් සිදුකරන ලද්දක් බව පෙන්වාදෙමින් යහපාලන ආණ්ඩුව විසින් මන්නාරම් ප්‍රදේශයේදී ආරම්භ කරන ලද සුළං විදුලි බලාගාරය විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කළා. 2019 වසරේදී බලයට පත් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂම මහතාගේ පාලනය යටතේ ගොඩනංවන ලද විදුලි බලාගාරයක් ලෙස මන්නාරම් ප්‍රදේශයේදී ආරම්භ කරන ලද සුළං විදුලි බලාගාරය පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් පෙන්වාදීමට වත්මන් විදුලි බල අමාත්ය වරයා කටයුතු කර තිබෙනවා. මෙම සුළං විදුලි බලාගාරය යහපාලන ආණ්ඩුව සමයේදී 2016 වසරේ මාර්තු මස තමයි ආරම්භ කළේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 175 ක සහන ණයක් යටතේ ලංකා විදුලි බල මණ්ඩලයේ පූර්ණ අධීක්‍ෂණයෙන් දියත් කළ මෙම ව්‍යාපෘතියට නායකත්වය ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාට හෝ එය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වන්නැයි ආරාධනා කිරීමට අමතක කර ඇති ආණ්ඩුව, තමන් බලයට පත්ව ගතවූ මාස කිහිපයක කාලය තුළ ගොඩනැගූ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය පෙන්වාදීමට කටයුතු කරමින් සිටිනවා.

ඉතා කෙටි කාලයක් තුළ මෙවැනි විදුලි බලාගාරයක් ඉදිකළ නොහැකියි. මොගාවොට් 100 ක ධාරිතාවක් මෙරට විදුලි සැපයුමට එක්කිරීමට හැකිවන මෙම දැවැන්ත ව්‍යාපෘතිය විනිවිදභාවයකින් සහ නිසි ටෙන්ඩර් පටිපාටියට අනුව දියත් කළා. ඒ අනුව මෙම ව්‍යාපෘතිය පැවති අපගේ ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද්දක් බව, මෙරට විදුලි බලය පිළිබඳව පසුගිය ආණ්ඩුවට යම් යම් චෝදනා එල්ලකරන වත්මන් ආණ්ඩුවට අවධාරණය කරනවා.

බිලියන 6.9 ක් පමණ වැයකර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආරම්භ කළ පෑලියගොඩ මැනිං වෙළඳපොළ ද විවෘත කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළා. මේ වනවිට එම වෙළඳපොළෙහි වෙළඳුන් විරෝධතා දක්වමින් සිටිනවා. පැවති ආණ්ඩුවක ව්‍යාපෘති, නව ආණ්ඩුවක් විසින් විවෘත කිරීමේ කිසිදු ගැටළුවක් නෑ. නමුත් එම ව්‍යාපෘති ආරම්භ කළ පැවති ආණ්ඩුව පිළිබඳ කිසිදු සඳහනක් නොකර ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඉදිකළ ව්‍යාපෘතියක් ලෙස මන්නාරම සුළං විදුලි බලාගාරය හැඳින්වීමට කටයුතු කරන ආණ්ඩුව බොරුවෙන්ම කටයුතු කරමින් සිටිනවා.

මන්නාරම සුළං විදුලි බලාගාරය පිළිබඳ සත්‍ය තොරතුරු රටට හෙළිකරන්නැයි කොරෝනා වසංගතය, මහර බන්ධනාගාරයේ ගැටුම සහ මෙවර අයවැය ඇතුළු සෑම කටයුත්තකදීම ව්‍යාජ අදහස් පළකරමින් සිටින වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ පරිදි කිසිදු ව්‍යාපෘතියක් සඳහා මුල් ගල් තැබීමක් මෙතෙක් ආණ්ඩුව විසින් සිදුකරලා නෑ. යහපාලන ආණ්ඩුව ආරම්භ කරන ලද ව්‍යාපෘති තමන්ගේ යැයි පෙන්වාදීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා.

කොරෝනා වසංගතය හමුවේ ලොක්ඩවුන් කර ඇති බැවින් පීඩාවට පත්ව සිටින කොළඹ ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව අප ආණ්ඩුවට අවධාරණය කළා. ලොක්ඩවුන් කර ඇති දින 45 ක කාලය සඳහාම එම ජනතාවට ලැබී ඇත්තේ රුපියල් 10000/- ක ආධාරයක් පමණයි. තවත් අවශ්‍යතා රැසක් පවතින බැවින් එම ජනතාව තුළින්ම මේ වනවිට විරෝධතා මතුව තිබෙනවා. ලොක්ඩවුන් කිරීමේ කටයුතු වහාම සිදුකළත් එම ප්‍රදේශ විවෘත කිරීමට නිසි ක්‍රමවේදයක් ආණ්ඩුව සතුව නෑ. වසංගත තත්ත්වය දින 14 ක කාලයකින් පසු පහව යායුතු වුවද දින 45 ක් ගතව තිබියදීත් කොළඹ ප්‍රදේශ යළි විවෘත නොකරන්නේ කොරෝනා වසංගතය මර්දනයෙන් ආණ්ඩුව අසාර්ථක නිසයි.

මේ වනවිට කොළඹ ප්‍රදේශය තුළ දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1000 ක් පමණක් සිදුකරනවා. එම ප්‍රමාණය ඉහළ දමන්නැයි අප ඉල්ලීම් කළත් එසේ එම පරීක්‍ෂණ ප්‍රමාණය ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කර නෑ. කොළඹ ප්‍රදේශ මෙලෙස වසාදැමීම නිසා රටේ ආර්ථිකයද යම් ප්‍රමාණයකට පහළ ගොස් එම ජනතාවගේ ජීවිතද කඩාවැටී ඇති නමුත් ඊට විසඳුම් ලබාදීමට ආණ්ඩුව සතුව නිසි වැඩපිළිවෙලක් නෑ. මෙම තත්ත්වය යටතේ පීඩාවට පත්ව සිටින එම ජනතාව වීදි බැස විරෝධතා සිදුකරන විට යම් දේශපාලන හස්තයක් ඇතැයි ආණ්ඩුව පැවසුවද එම විරෝධතා පිටුපස ඇත්තේ එවැන්නක් නොවෙයි, හෙම්බත්ව සිටින ජනතාවගේ පීඩාවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගි වූ හිටපු පළාත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද අදහස් පළකර සිටියේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට