සත්‍යයේ පුවත් අඩහැරය….

නව සාමාජිකයින්ගෙන් යුත් මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභා වැඩ අරඹයි..

Podu නව සාමාජිකයින්ගෙන් සැදුම්ලත් මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද (10) සිට ආරම්භ වීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ජනාධිපතිවරයාගේ නිර්දේශ සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ හිමිවූ අතර ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතාත් සෙසු සාමාජිකයින් ලෙස එම්.එම් මොහොමඩ්, එස්.බී දිවාරත්න, කේ.පී.පී පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන්ද පත්ව ඇත. එමෙන්ම පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පතිවරයෙකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පත්කර ඇත. පොලිස් කොමිසමේ සෙසු සාමාජිකයින් වශයෙන් සිරිසේන ලියනගම, ප්‍රියන්ත සංජීව, එන්.එස්.එම් සංසුදීන්, එන්.සී පේමසිරි පෙරේරා, පී.බී පරමේෂ්වරන් සහ ගුණපාල වික්‍රමගේ යන මහත්වරුන් ද පත්කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට