කෝටියකට වඩා වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙක් දැලේ..
හෙරොයින් ග්‍රෑම් 898 ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක මහබාගේ, වැලිසර ප්‍රදේශයේදී මහබාගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු අදාළ හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට පත් සැකකරු සහ සැකකාරිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. ඔවුන් දෙදෙනා අද (10) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.