ප්‍රදේශ රැසකට අද වැසි..
අද (10) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුරු, නැගෙනහිර, ඌව පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම අද සවස හෝ රාත්‍රි කාලයේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.