සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික සේවක සංගමයේ අවුරුදු 70 ඉක්මවූ සේවකයින් 12 දෙනෙකු, කිසිදු විශ්‍රාමික දීමනාවකින් තොරව විශ්‍රාම ගැන්වීමට තීරණයට කරලා..

Podu එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ සේවයේ නියුතුව සිටි වයස අවුරුදු 70 ඉක්මවූ සේවකයින් 12 දෙනෙකු, කිසිදු විශ්‍රාමික දීමනාවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමේ තීරණයට එරෙහිව එම සේවකයින් තුළ දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව අප වෙත වාර්තා වේ. ජාතික සේවක සංගමයේ මුදල් කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති අතර රුපියල් ලක්‍ෂ 20 ක් දක්වා වු විශ්‍රාම දීමනාවක් ලබාදී ජාතික සේවක සංගමයේ සේවයේ නියුතු අවුරුදු 70 ට වැඩි සේවකයින් විශ්‍රාම ගැන්වීමට මීට පෙර තීරණය කර තිබුනද පසුව පවත්වා ඇති එම සේවක සංගමයේ නිලධාරි මණ්ඩල රැස්වීම සහ මුදල් කාරක සභා රැස්වීම් මඟින් වයස අවුරුදු 70 ට වැඩි සේවකයින් 12 දෙනෙකු කිසිදු විශ්‍රාමික දීමනාවකින් තොරව විශ්‍රාම ගැන්වීමට තීරණය කර ඇත.

මෙම තීරණය සම්බන්ධයෙන් අදාළ සේවකයින් 12 දෙනා මෙන්ම ජාතික සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලය තුළ සේවය කරන අනෙකුත් සේවකයින් තුළද සිය සංගමය පිළිබඳ දැඩි කලකිරීමක් හට ගෙන ඇතැයිද වාර්තා වේ. කම්කරු වෘත්තීය අයිතීන් දිනාගැනීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා දැඩි කැපවීමක් සිදුකරන ලද තමන්ට සංගමය විසින් මේ ආකාරයට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ එම සේවකයින් දැඩි අප්‍රසාදය පළකරමින් සිටින අතර මෙම තීරණයට එරෙහිව ඉදිරියේදී යම් ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද එම සේවකයින් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට