සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ, මහල් නිවාස 06ක් හුදෙකලා තත්ත්වයෙන් ඉවතට…

Podu කොළඹ, මහල් නිවාස සංකීර්ණ 06ක් දින 51 කට පසුව අද සිට හුදෙකලා භාවයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව මෝදර, ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පිහිටි රන්දිය උයන ,මෙත්සඳ සෙවන, සමගිපුර, මිහිඳුසෙන් පුර, මෝදර උයන හා මිහිජය සෙවන යන මහල් නිවාස ඊට ඇතුලත් වන අතර කිසිදු හේතුවක් නිසා එම මහල් නිවාස වල ජනතාවට පිට පළාත් වලට ගමන් කිරීම තහනම් කර ඇති බව හමුදාපතිවරයා අවධාරණය කළේය.

කොරෝනා වසන්ගතය හේතුවෙන් තවදුරටත් හුදෙකලා කර ඇති මහල් නිවාස 07ක PCR සහ ඇන්ටිජන් පරීක්ෂාව අද සහ හෙට දිනයේදී සිදු කිරීමට නියමිත අතර එම නිවාස වල වැසියන්ගේ පරීක්ෂණත් යම්තාක් දුරකට අඩු බවක් පෙන්වුවහොත් හුදෙකලාභාවයෙන් එම නිවාසයන්ද මුදා හැරීමට කටයුතු කරන බව හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට