සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයාගෙන් මැතිවරණ කොමිසමට උපදෙස් …

Podu අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් ඊයේ (11) දින විජේරාම පිහිටි අග‍්‍රාමාත්‍ය නිල නිවසේදී පවත්වා ඇත. එහිදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර ඊට අවශ්‍ය නීතිමය කටයුතු පිළිබඳ සොයා බලන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හට දැනුම්දී ඇත.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට හෝ නව ක‍්‍රමයට පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අගමැතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවේ පවසා ඇති අතර එහිදී කොමිසමේ සාමාජිකයින් අවධාරණය කර ඇත්තේ මැතිවරණය පැවැත්වීමේ ක‍්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නම් අදාළ නීතිමය ප‍්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බවත් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයන්ට අවශ්‍ය නීති සම්පාදනය කර මැතිවරණ පැවැත්වීම සුදුසු යැයි කොමිසමේ සාමාජිකයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයින් සහ අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට