සත්‍යයේ පුවත් අඩහැරය….

බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංකල්ප ක්‍රියාත්මක කරන බවට පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති ප්‍රකාශ කිරීම හෙළා දකිනවා, සමගි ජන බලවේගය…

Podu මෙරට අධිකරණ, පොලිස් සහ රාජ්‍ය සේවා යන කොමිෂන් සභා දැඩි හානිදායක තත්ත්වයකට ලක්ව තිබෙන බවත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කර ඇති අතර පැවති යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට සහ පොලිසියට නිදහසේ, සාධාරණව රාජකාරි කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දීම නිසා රට තුළ නීතිය නිසි ලෙස ආරක‍්‍ෂා වූ බව ඊයේ (11) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය. මෙම මාධ්‍ය හමුව සඳහා රංජිත් මද්දුම බණ්ඩාර සහ මුජිබර් රහුමාන් යන පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී විය. එක් රැයක් තුළ රටේ අග විනිසුරුවරිය ගෙදර යැවූ අවදානම් තත්ත්වය තුරන් කිරීමට යහපාලන ආණ්ඩුවට හැකි වූ නමුත් තමන්ට හිතවත් පිරිස් සාමාජිකයින් ලෙස පත්කිරීම නිසා මෙරට ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීකරණය වී ඇති බවත් ඒ අනුව පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට සෘජුවම සහාය දැක්වූ එහි ආරක්‍ෂාව භාර ප්‍රධානියෙකු ලෙස කටයුතු කරමින් මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකළ පුද්ගලයෙකු පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වශයෙන් පත්කර ඇති බවට සමඟි ජන බලවේගය රජයට චෝදනා කර සිටියි.

බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංකල්ප ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන්නේ යැයි පොලිස් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වැඩ භාරගත් සැණින් අවධාරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ පැවැත්වීම, රටේ පාලනය, නීතිය ආරක්‍ෂා වීම සිදුවන්නේ මෙවැනි සභාපතිවරයෙකු සිටින පොලිස් කොමිෂන් සභාව විසින් දැයි එහිදී මන්ත්‍රිවරුන් අවධාරණය කර ඇත.

වියත් මඟ සංවිධානයේ කිහිප දෙනෙකුගෙන් සමන්විත තාක්‍ෂණික කමිටුව විසින් කොරෝනා වෛරසය ආසාධණය වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමිධානය කිරීමට බාධා සිදුකරන බවත් ලොව රටවල් රැසක් විසින් එම සිරුරු භූමදානය කරන බැවින් මේ පිළිබඳ ආණ්ඩුව දේශපාලනමය තීරණයක් ගතයුතුව ඇති බවත් ඒ අනුව ආණ්ඩුව කාගේ හෝ බලපෑමකට එම තීරණය නොගන්නා බවක් පෙනීයන බවද එහිදී අවධාරණය කර ඇත.

ජගත් බාලසූරිය මහතා පොදුජන පෙරමුණේ කෑගල්ල සංවිධායකවරයා මෙන්ම මහින්ද රාජපක්‍ෂ රජයේ අමාත්‍යවරයෙකුද වූ බවත් ආණ්ඩුකාරවරයෙකුද වන ඔහුගේ පුතු වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන බවත් බිරිඳ ද ආණ්ඩුකාරවරියක වන බැවින් මෙවැනි අයෙකු කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කිරීම විහිළු සහගත මෙන්ම ලැජ්ජා සහගත කාර්යයක් බවත් මෙවැනි අයෙකු සභාපතිත්වය දරණ මානව හිමිකම් කොමිෂන් සභාවට, මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව සිදුකරන පැමිණිල්ලක් යුක්තිගරුක ලෙස විභාග කරනු ඇතැයි කිසිදු විටෙක බලාපොරොත්තු විය නොහැකි බවට අවධාරණය කර ඇත.

මෙය ජාත්‍යන්තරයේ හාස්‍යයට පවා ලක්වන්නක් බවත් ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාව පොදුජන පෙරමුණේ ශාඛා සමිතියක් බවට පත්කර ඇති බවත් ස්වාධීන කොමිෂන් සභාවන්හි සාමාජිකයින් ලෙස වත්මන් ආණ්ඩුවට පක්‍ෂපාතී පිරිස් පත්කර ඇති අතර රාජ්‍ය සේවයේ උසස් තනතුරු හෙබවූ, උගත්, බුද්ධිමත් පිරිස් පත්කළද ඉතිහාසයේ ප්‍රථම වරට ව්‍යාපාරිකයින් දෙදෙනෙකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා පත්කර ඇති බවට සමඟි ජන බලවේගය විසින් ආණ්ඩුවට චෝදනා කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට