සත්‍යයේ පුවත් අඩහැරය….

පෑලියගොඩ, නව මැනිං වෙළදපොළ හෙට සිට විවෘතයි…

Podu කොරෝනා වසන්ගත තත්ත්වය හේතුවෙන් පසුගිය දින වසා දැමුණු පෑලියගොඩ නව මැනිං වෙළදපොළ හෙට (14) දින සිට විවෘත කෙරෙන බව මැනිං පොදුවෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ට්ගේ මහතා සඳහන් කළේය. ඒ අනුව පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා වෙළඳාම් කටයුතු සිදුකිරීමට අවස්ථාව හිමිවී ඇති බවත් උදේ කාලයේ මත්ස්‍ය වෙළදපොළ විවෘතව වන බැවින් ජනතාව විශාල ප්‍රමාණයක් ඒකරාශිවීම නවතාලීම සඳහා සවස් කාලයේදී මැනිං වෙළදපොළේ තොග වෙළදාම පමණක් සිදුකිරීමට කටයුතු කළ බව එම සංගමයේ සභාපති ලාල් හෙට්ට්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වසා දැමුණ මැනිං වෙළදපොළ යලි විවෘත කිරීම බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි සිදුවූ බවත් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් නාලක ගොඩහේවා මහතා අධීක්ෂණය කටයුතු සිදු කිරීමටද කටයුතු යොදා ඇති බවත් ජනතාව විශාල වශයෙන් ඒකරාශි නොවී මෙම වසංගතය ව්‍යාප්ත වීම නවත්වා ගැනීමට වගබලා ගන්නැයි හෙට්ට්ගේ මහතා අවධාරණය කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට