පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ජනවාරි 01 ක්‍රියාත්මක වේ ..
පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබන ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බව වාර්තා වේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් මාර්තු මස 15 වන දින තෙක් ක්‍රියාත්මක වීම අත්හිටුවා ඇති බවය.අ.පො.ස ස.පෙළ විභාගයෙන් පසුව එම නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.