පන්දහසේ හොර නෝට්ටු 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ගොකරැල්ලේදී දැලේ..
ගොකරැල්ල පොලිස්ථානය විසින් සිදුකරන ලද වැටලීමකදී රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ මෝටර් රථයක් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ගොකරැල්ල ගල්සේරුගොල්ල ප්‍රදේශයේ ඊයේ (15) සිදුකරන ලද වැටලීමකදී මෙම ව්‍යාජ නෝට්ටු සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.