ප්‍රදේශ රැසකට අද වැසි..
දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල හා මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද (16) දිනය තුළ වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශ තුළ සවස 2.00 න් පමණ පසු වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම දිවයින හරහා ඊසාන දිග මෝසම් කාලගුණික තත්ත්වයක් ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.