සත්‍යයේ පුවත් අඩහැරය….

සුචරිතය මුල් කරගනිමින් සමාජ සංස්කෘතික පුනර්ජීවයක් ඇතිකිරීමට කටයුතු කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Podu සුචරිතය මුල් කරගනිමින් සමාජ සංස්කෘතික පුනර්ජීවයක් ඇතිකිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. ඊයේ (15) පස්වරුවේ කොළඹ ධර්මායතනයේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි බැහැදුටු අවස්ථාවේ විපක්‍ෂ නායකවරයා විසින් මෙම අදහස් පළකරන ලදී.

එම කටයුතු සඳහා තමන් වෙත ආශිර්වාද ලබාදෙන ලෙසද සජිත් ප්‍රේමදාස මහතා, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

එම කාර්යයන් සිදුකිරීම සඳහා නොපැකිලව සිය ආශිර්වාදය ලබාදෙන බව පැවසූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සුචරිත ව්‍යාපාරය සම්බන්ධයෙන් සිය ප්‍රසාදයද පළකරන ලදී. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනතාවාදී නායකයෙකු බවත් තමන් ජාතිවාදය පිටුදකින බවත් රටේ සියලුදෙනා සාමයෙන් සහ සංහිදියාවෙන් ජීවත් වියයුතු බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙහිදී තවදුරටත් පවසා සිටියහ.

මෙහිදී විපක්‍ෂ නායකවරයා පහත පරිදි සිය අදහස් දක්වා සිටියේය.

දේශපාලනීකරණය නොවූ බුද්ධි මණ්ඩලයක උපදෙස් සහ සම්පත් දායකත්වය තුළින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අවශ්‍ය උපදෙස් තමාට ලැබෙනවා. විශේෂයෙන්ම රටට උවදුරක් එන්නට පෙර ඒ පිළිබඳව දැනුවත් වීම සහ දැනුවත් කිරීම සදහා ඔවුන්ගේ දායකත්වය ඉවහල්ව තිබෙනවා. කොරෝනා ව්‍යසනය ගැන අප මුලින්ම රටට තොරතුරු හෙළිකරන විට බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දැනුවත්ව සිටියේ නෑ. මුලු ලෝකයම කොරෝනා මර්ධන එන්නත් ගැන විමසිලිමත් වනමුත් අපේ රටේ තත්ත්වය ඉතා කණගාටුදායකයි.

භේද නොසලකා හැර එකම රටක එකම සහෝදරත්වයෙන් ජීවත් වීම තමයි මගේ ප්‍රාර්ථනාව. තවදුරටත් බෙදී වෙන්ව කටයුතු කිරීමෙන් රටට උදාවන යහපතක් නෑ. බුද්ධිය, දැනුම, තොරතුරු සහ නව තාක්ෂණය පදනම් කරගෙනයි රට ඉදිරියට ගෙනයා යුත්තේ. සමගි ජනබලවේගයේ ස්ථාවරයත් එයයි. ඒ සඳහා මහා සංඝරත්නයේ අවවාද මෙන්ම අනුශාසනා අත්‍යාවශ්‍යයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට