අපරාධ කල්ලි නායක රත්මලානේ රොහාගේ සමීපතමයින් දෙදෙනෙකු ඇතුළු 06 ක් දැලේ..
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “රත්මලානේ රොහා” නැමැත්තාගේ සමීපතම සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වස්කඩුව ප‍්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකදී මෙම පුද්ගලයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර පොලිස් ස්ථානය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.