සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්මන් ආණ්ඩුව නූල කැඩී ගිය අහසේ පාවෙන සරුංගලයක් මෙන් අයාලේ යමින් තිබෙනවා – සමගි ජන බලවේගය

Podu ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික කළමණාකරනය හමුවේ නුදුරේදීම මෙරට ආර්ථිකය දැඩි බංකොලොත්භාවයකට පත්වීම වැළැක්විය නොහැකි බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා එහිදී පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකරන ලදී.

කෙමෙන් කෙමෙන් විදේශ ණය ගෙවීමේ හැකියාව මෙරටින් ගිලිහෙමින් පවතින බව පෙනීයනවා. ආර්ථිකය පිළිබඳ ව්‍යාජ තොරතුරු පවසමින් විපක්ෂය, ආර්ථික තත්ත්වයන් ශ්‍රේණිගත කරන ඇතැම් ආයතන සහ බැංකු විසින් වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ උත්සාහයක නිරතව සිටින බවට ආණ්ඩුව චෝදනා කරමින් සිටිනවා.

මෙරට ආර්ථිකය තුළ කිසිදු ගැටළුවක් උද්ගතව නැතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දිනෙක පැවති ආර්ථික සමුළුවකදී පවසා තිබෙනවා. මේ වනවිට මෙරට තුළ පවතින සංචිත ප්‍රමාණය අනුව ඉදිරි මාස 12 සඳහා ණය ගෙවීමට අවශ්‍ය සංචිත ප්‍රමාණය සපුරාගන්නේ කෙසේදැයි යන දැවැන්ත ගැටළුවක් උද්ගතව තිබෙනවා. මෙම තත්ත්වය යටතේ ණය ගෙවීම සඳහා ජාත්‍යන්තරයෙන් යළි ණය ලබාගැනීමට සිදුවන නමුත් එසේ ණය ලබාගැනීමේ අවස්ථාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ මෙරටින් ගිලිහි ගොස් තිබෙනවා. මේ අනුව මෙම හිඟය පියවාගන්නේ කෙසේද යන ගැටළුව මතුවනවා.

ඒ සඳහා පවතින සංචිත වැයකිරීමේ හැකියාවක්ද නොමැති අතර එසේ කළහොත් ආර්ථික ශ්‍රේණිගත කිරිම් මඟින් ශ්‍රී ලංකාව යළි යළිත් පහළට ගමන් කරාවි. මෙවැනි තත්ත්වයන් හමුවේ උද්ධමනය ඉහළ යාම වැනි විශාල පටලැවිලි සහගත තත්ත්වයක් කරා රට ගමන් කරාවි. මෙය විපක්ෂය විසින් පමණක් නොවෙයි ස්වාධීන ලෙස ආර්ථික දත්ත විශ්ලේෂණය කරන සෑම ආයතනයක් විසින්ම හඳුනාගන්නා ලද තත්ත්වයක්.

මෙරට ආර්ථික වර්ධන වේගය ධන යැයි පසුගිය කාලයේදී ආණ්ඩුව විසින් පවසා සිටියා. එය එසේ විය නොහැකි බවට අප විසින් විවිධ හේතු ඉදිරිපත් කළා. නමුත් මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ යැයි ආණ්ඩුව පිළිගත්තේ අයවැය අවසන් වීමෙන් පසුවයි. ඒ අනුව බොරුකාරයින් වන්නේ අප නොවෙයි ආණ්ඩුවයි.

කළයුතුව තිබෙන්නේ අනවශ්‍ය, කළ නොහැකි සුරංගනා කතා කීම නොව යථාර්තයට මුහුණදී ආර්ථිකය නැංවීම සඳහා නිසි වැඩපිළිවෙලක් දියත් කිරීමයි. ණය ගෙවාගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව දැවැන්ත ගැටළු රැසකට මුහුණදේවි. ඒ අනුව වහාම සාකච්ඡාවක් ආරම්භ කර ණය සහන කාලයක් ලබාදෙන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කළ යුතුයි. ලොව ඇතැම් රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එසේ සහන කාලයක් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.

ආණ්ඩුව නිරතව සිටින්නේ කොළේ වසාගැසීමකයි. ජනතාව මෝඩයාට ඇන්දවීමෙන් වළකින්නැයි සදාචාර විරෝධී කාර්යයක නිරතව සිටින ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතාද පහත පරිදි අදහස් පළකරන ලදී.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ඉදිකළ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා යහපාලන ආණ්ඩුව විශාල උත්සාහයක් දැරුවා. ඒ අනුව යම් යම් ගිවිසුම්වලට එළඹ එම කටයුතු සිදුකළා. නමුත් එම වරාය විදෙස් රටකට විකුණා දැමුවේ යැයි එවකට විපක්ෂය විසින් එම ආණ්ඩුවට චෝදනා කළා. ඉහත ගිවිසුම මඟින් විදෙස් සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් පමණක් සිදුකළ බව අප පැවසුවා. ආණ්ඩුව මේ වනවිට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. එය හවුල් ව්‍යාපාරයක් යැයි වරාය අමාත්‍යවරයා පවසා තිබෙනවා. කුමන බලපෑමක් මත මෙවැන්නක් සඳහා අනුමැතියක් ලබාදුන්නේදැයි අප දන්නේ නෑ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළම පරස්පර විරෝධී අදහස් පළවනවා.

ආණ්ඩුව තුළ දැඩි අර්බුදයක් පවතින්නේයැයි මේ අනුව මනාව පැහැදිලි වනවා. වත්මන් ආණ්ඩුව නූල කැඩී ගිය අහසේ පාවෙන සරුංගලයක් මෙන් අයාලේ යන ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට