සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 10 ක ණයක් ලබා ගැනීමේ වෑයමක, සමගි ජන බලවේගය…

Podu රටේ ආදායම් මාර්ග අහිමි කරමින් රුපියල් බිලියන 10 ක ණයක් ලබා ගැනීම විහිළුවක් වන අතර වත්මන් පාලනය තුළ දුෂණය පමණක් දිගින් දිගටම නිර්මාණය වෙමින් පවතින බවත් ජනතාවට හෝ රටට ඉන් කිසිදු යහපතක් සිදුනොවන බව (21) දින සමගි ජනබලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පෙන්වා දී ඇත. මෙම මාධ්‍ය හමුව සඳහා එරාන් වික්‍රමරත්න සහ ජේ.සී. අලවතුවල යන මහත්වරුන් සහභාගී වී ඇත. ආණ්ඩුව සම්පුර්ණයෙන්ම ආර්ථික කළමනාකරණය අර්බුදයක් කරා ගෙන ගොස් ඇති බවත් කොරෝනා අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමටද වත්මන් ආණ්ඩුවට නොහැකි අතර ආණ්ඩුවට නිසි ලෙස රටේ මුල්‍ය කටයුතු පාලනය කර ගැනීමට නොහැකි වු නිසා රට ජාත්‍රන්තර ණය ශේණිගත කිරීම වලට අනුව පහළ තත්ත්වයකට වැටි ඇති බවත් ජාත්‍රන්තර ආයතනයන් විසින් එළිදක්වා ඇති එම ශේණිගත කිරීම් වලට එරෙහිව ආණ්ඩුව අදහස් දක්වන නමුත් එය ප්‍රාෙයා්ගිකව සිදුකළ හැකි දෙයක් නොවන අතර මෙම තත්ත්වය සැහැල්ලු ලෙස සලකා කටයුතු නොකළ යුතු බවත් ජාත්‍රන්තරය විසින් පෙන්වාදී ඇති අර්බුදය රටේ සෑම ජනතාවකටම අහිතකර ලෙස බලපාන බවට සදහන් කර ඇත.

රට තුළ ආයෝජනයන් සිදුකිරීම පිළිබඳ පවතින අර්බුදයන් පිළිබඳවද ජාත්‍රන්තර මුල්‍ය ආයතනයන් විසින් දත්තයන් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත් ඒ අනුව අද වන විට ශ්‍රි ලංකාව සැලකිය යුතු අවධානමක් සහිත තත්ත්වයට පත්ව ඇති බැවින් අද වන විට රට පත්ව ඇති තත්ත්වය භයානක තත්ත්වයක් ලෙස පෙන්වාදිය හැකි අතර ජාත්‍රන්තරය විසින් පිළිගත් එක් ආයතනයක් නොව ආයතනයන් 03 ක් විසින්ම රටේ ආර්ථිකය, මුල්‍ය අර්බුදය සම්බන්ධව මෙන්ම ණය ශේණිගත කිරීම් පිළිබඳව තොරුතුරු සපයා ඇති නිසා එම තොරතුරු ආණ්ඩුවට අසත්‍ය තොරතුරු ලෙස පෙන්වාදීමට නොහැකි බවට පෙන්වා දී ඇත.

මහබැංකු අධිපතිවරයා ඉවත්වීමෙන් පසුව එහි සිටිය නියෝජ්‍ය මහබැංකු අධිපතිවරුන් දෙදෙනාද ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඉවත් කළ අතර නව මහබැංකු අධිපතිවරයෙක් ආණ්ඩුව පත්කිරීමට කටයුතු කළ බවත් එයද ආණ්ඩුවට හිතවත් පුද්ගලයෙකු වන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් කරන බවට මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරමින් පවසා සිටියද එම ප්‍රකාශය සිදුකර සති දෙකක කාලයක් ගතවීමට පෙර ජනාධිපති ලේකම් විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන ලෙස ලිපියකින් දැනුවත් කරන බවත් එම නිසා වත්මන් පාලනය තුළ වම් අතෙන් සිදුකරන දෑ දකුණ අත නොදන්නා තත්ත්වයක් උදාවී ඇති බවට සඳහන් කරන ලදි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට