සත්‍යයේ පුවත් අඩහැරය….

කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීම ජනතාවගේ ජීවිත බිල්ලට දීමක්, එ.ජා.ප චෝදනා කරයි…

Podu ජනතාවගේ ජීවිත අවධානමේ යොදවමින් ලබන 26 වන දින කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව (21) වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් එක්සත් ජාතික පක්ෂය විසින් අවධාරණය කරන ලදි. මෙම මාධ්‍ය හමුව එ.ජා.ප දිවුලපිටිය ආසන සංවිධායක කිත්සිරි මංචනායක මහතා විසින් පවත්වා ඇති අතර එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ කොරෝනා වසංගතය වෙනස්වූ ආකාරයකින් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බවත් ගුවන්තොටුපොළ විවෘත කළහොත් යුරෝපීය සංචාරකයින් මෙරටට පැමිණීම තුළින් කොරෝනා අවධානම වැඩි වන බවත් ඒ සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ගයන් කුමක්ද යන්න විමසා ඇත.

මේ වන විට රජය කොරෝනා මර්ධනය කිරීමේ කටයුතු අතහැර දමා ඇති බවත් කිසියම් අයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වුවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු අවධානයක් නොදීමට කටයුතු කරමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂය වශයෙන් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම විටම පෙනී සිටීන අතර ඒ සඳහා අවශ්‍ය සියලූ කටයුතු සිදුකරන බවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකය ඉතාමත් පහල තත්ත්වයකට වැටී ඇති අවස්ථාවක ආර්ථිකය යලි ගෙඩගැනීම සඳහා රජයට වැඩ පිළිවෙලක් තිබෙන්නේද යන්න විමසා ඇති අතර එසේ වැඩ පිළිවෙලක් තිබෙන්නේ නම් එය තාවකාලික නොවී දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් විය යුතු බවටද අවධාරණය කරන ලදි.

සිය බලය තහවුරු කර ගැනීම සඳහා මහ මැතිවරණය පැවැත්වීමට වත්මන් රජය කටයුතු කිරීම හේතුවෙන් රටේ දෙවන කොරෝනා රැල්ල ව්‍යාප්ත වීම ආරම්භ වු බවත් රටේ ජනතාවගේ ජීවිත ගැන නොසිතා බලය පිළිබඳව සිතා ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් අද වන විට රට තුළ කොරෝනා වෛරසය වසංගතයක් බවට පත්ව ඇති බවට වැඩිදුරටත් සඳහන් කරන ලදි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට