ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙනආ කහ කිලෝ 20,000 ක් සමග සැකකරුවන් 04 ක් දැලේ..
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 20,000 ක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හුංගම ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් හුංගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.