ප්‍රදේශ කිහිපයකට මඳ වැසි..
අද (27) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද (27) සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකට ස්වල්ප වශයෙන් වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතව වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.