සත්‍යයේ පුවත් අඩහැරය….

පක්‍ෂ සංවත්සරය මාර්තු 15 වනිදා – සමගි ජන බලවේගය ..

Podu සමගි ජන බලවේගයේ පළමු සංවත්සර සැමරුම මාර්තු 15 වනදා සවස 02.00 ට පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පාක් පිටියේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායත තිස්ස අත්තනායක මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ගතවු වසරක පමණ කාලය තුළ පක්‍ෂය ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුටු වන අතර කඩිමුඩියේ සකස් කළ පක්‍ෂයක් ලෙස අභියෝග මධ්‍යයේ වුවද දෙවන බලවේගය බවට පත්වීම පිළිබඳව සතුටු වන බවයි.

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී බලය ලබාගැනීම සඳහා පක්‍ෂය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන අතර ඒ සඳහා ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කරමින් සිටින බවත් පුරප්පාඩුව පවතින මැතිවරණ කොට්ඨාශ සඳහා සංවිධායකින්ද පත්කර බිම් මට්ටමේ වන විට සිදුකරමින්සි සිටින බවට හෙතම පවසන ලදී.

මේ මස අවසානයට පෙර පක්ෂයේ සෑම සංවිධායකයෙකුම සිය බල ප්‍රදේශය තුළ පක්‍ෂ  කාර්යාලය ආරම්භ කළ යුතුව තිබෙන අතර එම කටයුතු නිසිලෙස සිදුවන්නේ දැයි අධීක්‍ෂණය කිරීම සඳහාද වැඩපිළිවෙලක් දියත්කරන බවත් එම සංවිධායකයින් සතිපතා මහජන දිනයක් පැවැත්විය යුතු බවටත් ඒ සම්බන්ධයෙන්ද නිසි සොයාබැලීමක් සිදුකර මාස 04 ක් වැනි කාලයක් තුළ ඡන්ද පොළ සහ ගම් මට්ටමින් ක්‍රියාකාරී සංවිධාන ඇති කිරීමට කටයුතු යොදාන බවද ඒ මහතා වැඩිදුරටත්ති පවසන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට