සත්‍යයේ පුවත් අඩහැරය….

දුෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාවට කැබිනට් අනුමැතිය ..

Podu දූෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබි ඇති බව වාර්තා වේ.පසුගිය ආණ්ඩුව සමයේ රාජ්‍ය ආයතන වල සිදුවූ බව කියන දූෂණ වංචා පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රාත්‍රියේ රැස්වී ඇති අතර එහිදී එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 2015 වසරේ ජනවාරි මස 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇති බව කියන දූෂණ වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත භාර දී ඇත. ඒ අනුව එළඹෙන පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගැනීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට