සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලන පළිගැනීම පිළිබඳ කොමිෂන් සභාව, විපක්‍ෂ මන්ත්‍රීවරුන් මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රධාන අවියක් ලෙස හැඳින්විය හැකියි – සමගි ජන බලවේගය

Podu දේශපාලන පළිගැනීම පිළිබඳ කොමිෂන් සභාව, විපක්‍ෂ මන්ත්‍රීවරුන් මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රධාන අවියක් ලෙස හැඳින්විය හැකි බවත් තමන්ට අවනත නොවී තමන්ව විවේචනය කරන දේශපාලඥයින් මර්දනය කිරීම සදහා ආණ්ඩුව විසින් පිහිටුවන කොමිසමක් ලෙසද මෙම කොමිසම පෙන්වා දියහැකි බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. පසුගියදා කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අවධාරණය කර සිටියි.

මෙහිදී තුෂාර ඉඳුනිල් මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

කොමිෂන් සභා පත්කිරීම සහ ගැසට් පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටින වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වැඩිපුරම සිදුකර ඇත්තේ කොමිෂන් සභා පත්කිරීම සහ ගැසට් පත්‍ර නිකුත් කිරීම පමණයි. ගැසට් මත ගැසට් නිකුත් කරන කොමිෂන් සභා වාර්තා අධ්‍යයනය සඳහා යළිත් කොමිෂන් සභා පත්කරන වත්මන් ආණ්ඩුව, කොමිෂන් සභා පත්කිරීමේ සහ ගැසට් පත්‍ර නිකුත් කිරීමේ විශේෂඥයෙකු ලෙස හැඳින්විය හැකියි.

කොමිෂන් සභාවක්, කල්මැරීමේ උපක්‍රමයක් ලෙස ආණ්ඩුව භාවිතා කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සති දෙකක කාලයක් තුළ විසඳුමක් ලබාදෙන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව, එසේ බලයට පැමිණ වසර දෙකකට ආසන්න කාලයක් ගතව තිබියදීත් කල්මැරීමේ ක්‍රියාදාමයක නිරතවෙමින් සිටිනවා.

ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාවය පෙන්වන්න කරුණු විශාල ප්‍රමාණයක් පවතිනවා. සීනි ආනයනය කිරීමේදී රුපියල් කෝටි 1600 ක පාඩුවක් සිදුව ඇතැයි පුවත්පත් වල ප්‍රධාන ශීර්ෂ පාඨයක් ලෙස සඳහන්ව තිබෙනවා. සීනි වංචාවෙන් සිදුව තිබෙන පාඩුව, මහබැංකු බැඳුම්කර වංචාවෙන් සිදුවූ පාඩුවටත් වඩා විශාලයි.

ෂැංග්‍රීලා හෝටලයේ හිමිකාරීත්වය පවතින චීනයට සම්බන්ධ විල්මා සමාගම ඇතුළු පිරිසක් විසින් මෙම සීනි ව්‍යාපාරය සිදුකර තිබෙන අතර මේ වනවිට තවත් හොර මගඩි රැසක් රට තුළ සිදුවෙමින් පවතිනවා. ආනයනික බද්ද කෘතිම ලෙස පහළ දමා රටට ඔරොත්තු නොදෙන සීනි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා යළි මාස 03 කින් පැවති තත්ත්වයටම එම බද්ද පත්කළා. මෙමගින් පැරණි මිලටම සීනි අලෙවිවූ නිසා මෙරට පාරිභෝගිකයින්ට කිසිදු වාසියක් අත් නොවුනත් ආණ්ඩුවට හිතවත් අදාළ සමාගම මෙමඟින් විශාල ලාභයක් උපයාගත්තා.

විල්මා සමාගම පිටුපස සිට මෙම ගනුදෙනු මෙහෙයවන්නේ වත්මන් ආණ්ඩුවේ ඉහළ පෙළේ පිරිස් බව නොබියව පැවසිය හැකියි. රටට අහිමිවූ මෙම මුදල බෙදීගියේ කවුරුන් අතරේදැයි විමසනවා. වහාම කොමිසමක් පත්කර සීනි බදු වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. රටේ සමස්ත ජනතාවටම ලබාදීම සඳහා කොරෝනා මර්දන එන්නත ගෙන්වීමට වැයවන මුදල, සීනි වංචාවෙන් රටට අහිමිවූ මුදලට සමාන කළ හැකියි.

මේ වනවිට මෙරට රෝහල් තුළ දැවැන්ත ඖෂධ හිඟයක් හටගෙන තිබෙනවා. අපගේ ආණ්ඩු සමයේදී ඇතැම් සැත්කම් සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධ නොමිලේ ලබාදුන්නත් මේ වනවිට එවැන්නක් සිදුවන්නේ නෑ. නමුත් සොරකම් කිරීම් නම් යහමින් රට තුළ සිදුවනවා.

ආණ්ඩුවේ දුර්වලතා පිළිබඳ මෙලෙස අදහස් පළකරන විට විවිධ කොමිෂන් සභා පත්කර විපක්ෂය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. සීනි පමණක් නොව පොල්තෙල්, ටයිල්, ගල් අඟුරු, ඇන්ටිජන් පරීක්ෂවණ කට්ටල වැනි දෑ ගෙන්වීමේදී පවා වත්මන් ආණ්ඩුව වංචා රැසක් සිදුකරනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට