දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් වැසි..
අද (13) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද සවස 1.00 න් පසුව වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. එමෙන්ම නැගෙනහිර, ඌව පළාත්වල සහ නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකද අද දිනය තුළ වැසි ස්වල්පයක් ඇතිවනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.