සත්‍යයේ පුවත් අඩහැරය….

දේශප්‍රේමී යැයි පවසා ගන්නා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය රට අගාධයකට ඇදගෙන යමින් තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න

Podu මේ වනවිට රට තුළ දැවැන්ත ඖෂධ හිඟයක් මතුව ඇති අතර රෝගීන් විශාල පීඩාවකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා අනාවරණය කර සිටියි. ඊයේ (12) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකල රාජිත සේනාරත්න මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

ඖෂධ හිඟවීම නිසා පිළිකා රෝගීන්ද දැඩි පීඩාවකට පත්ව සිටිනවා. දේශප්‍රේමී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ පුණ්යනකර්මය හේතුවෙන් තමයි මෙසේ ඖෂධ හිඟයක් ඇතිව තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් ඖෂධ මිල පාලනය කිරීමට කටයුතු කළා. ඉන් වසරකට රුපියල් මිලියන 4400 ක ප්‍රතිලාභයක් මෙරට ජනතාවට හිමිවුනා.

නමුත් අද වනවිට ඖෂධ මිලෙහි පාලනයක් ක්‍රියාත්මක වන්නේ නෑ. දුම්කොළ භාවිතා කිරීම තුළින් ඇතිවන පෙනහළු පිළිකා හේතුවෙන් වසරක් තුළ 20000 ක පමණ පිරිසක් මියයනවා. එම තත්ත්වය වැළැක්වීම සඳහා තමන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්තා.

2007 සිට 2015 දක්වා වසර 08 තුළ සිදුවූ බැඳුම්කර වංචාවේ පාඩුව රුපියල් කෝටි 1149 ක් වන අතර 2015 සිට 2019 දක්වා සිදුවූ බැඳුම්කර වංචාවේ පාඩුව රුපියල් කෝටි 689 ක් බව පැවසුනත් එම ගනුදෙනුව තුළ සත්‍ය ලෙසම පාඩුවක් සිදුවී නෑ. මේ වනවිට සිදුව තිබෙන සීනි බදු වංචාවෙන් රටට අහිමිවී ඇති රුපියල් කෝටි 1590 ක මුදල, ඉහත වංචාවන් දෙකටම වඩා ඉහළ බව මුදල් අමාත්‍යංශය පවසා තිබෙනවා.

2020 වසරේ ඔක්තෝම්බර් මස සිට 2021 පෙබරවාරි 21 දින දක්වා දක්වා මෙරටට අධික සීනි ප්‍රමාණයක් ගෙන්වමින් මෙම සීනි වංචාව සිදුකර තිබෙනවා. වානිජ්‍යමය අරමුණකින් මෙසේ සීනි ගෙන්වා ඇතැයි මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන වාර්තාවක සඳහන්. සීනි සඳහා වන බදු පහළ දමන බවට ගැසට් පත්‍රයක් නිකුත් කර පසුව යළි බදු පනවන බවට නැවත ගැසට් පත්‍රයක් නිකුත් කළා. මෙමඟින් ජනතාවට කිසිදු සහනයක් ලැබුනේ නෑ.

සීනි ගනුදෙනුවෙන් ලද රුපියල් කෝටි 1590 ක ලාභය සිය සාක්කුවට දමාගන්නා ලද්දේ පොල්තෙල් ගනුදෙනුවෙන් ලාභ උපයාගත්, ෂැංග්‍රීලා ඉඩම ලබාදෙන ලද ජාවාරම්කරුවන්මයි. මේ අනුව කලු සීනි සතියක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙරට තුළ සිදුව විශාලතම මංකොල්ලය ලෙස සීනි බදු වංචාව හැඳින්විය හැකියි.

පාස්කු ප්‍රහාරයෙන්, එම ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන්ට, මෙරට මුස්ලිම් සහ කතෝලික ජනතාවට කිසිදු ලාභයක් ලැබුනේ නෑ. ප්‍රහාරයෙන් සතියකට පසු තමන් ජනාධිපතිධූරයට ඉදිරිපත් වන බව පවසන ලද්දේ කවුරුන්දැයි විමසීමට සිදුවනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් වාසි ලබාගත් පිරිස පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය තුළ විවිධ මතවාද පළවනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අශෝක් අබේසිංහ මහතා විසින් සෘජු ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳ පමණක් යම් ගැටළුවක් මතුව තිබෙනවා.

සීනි බදු වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගයන්ට එළඹීමට කටයුතු කරනවා. පාලන බලයේ රැඳීසිටිය හැකි කාලය කෙටි බව දන්නා බැවින් හැකි ඉක්මනින් විශාල මුදලක් උපයාගැනීම සඳහා වත්මන් ආණ්ඩුව මෙවැනි කටයුතු සිදුකරමින් සිටින බව පෙනීයනවා. සීනි බදු වංචාවට එරෙහිව කලු සතියක් ප්‍රකාශ කර විරෝධතා ව්‍යාපාරයක් දියත්කළ යුතුයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට