ප්‍රදේශ කිහිපයකට අද වැසි..
අද (15) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව නැගෙනහිර, ඌව පළාත්වල මෙන්ම නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල අද වැසි ස්වල්පයක් ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.