අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාර කාන්තාවන් දෙදෙනෙකු දැලේ..
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 5 ක් සමග සැකකාර කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (15) සමත්ව ඇති බව වාර්තා වේ. කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. 29 සහ 37 හැවිරිදි වියේ පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකාරියන් දෙදෙනා අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.