අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම නැගෙනහිර, ඌව පළාත්වලට මෙන්ම නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටද තරමක වැසි ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.