ඇස්ට්‍රාසෙනිකා එන්නත අඛණ්ඩව ලබාදෙන්න, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්..
රුධිරය කැටි ගැසීමක් සිදුවන බවට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බැවින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නතර නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය, ලොව රටවලින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකුගේ රුධිරය කැටි ගැසීම් වාර්තා වීමත් සමඟ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් කිහිපයක් විසින් එම එන්නත ලබාදීම අත්හිටුවීමට තීරණය කරන ලදී. එසේ රුධිරය කැටි ගැසීම් වාර්තාවීම සාමන්‍ය තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂණ විශේෂඥයින් අවධාරණය කර ඇත.