සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලනයේදී කාන්තාවන්ට හිමි 25% කෝටාව අහිමිකිරීම මහාපරිමාණ අපරාධයක් – එක්සත් ජාතික පක්‍ෂය

Podu දේශපාලනයෙහි නිරතවීමේදී කාන්තාවන්ට ලබාදී ඇති 25% කෝටාවට සංශෝධන එක්කර එය අහිමි කිරීමට පළාත් සභා අමාත්‍යංශය විසින් තීරණය කර ඇතැයි වාර්තා වන බවත් දේශපාලනයේදී 25% ක කාන්තා නියෝජනය අනිවාර්යයෙන්ම තබාගත යුත්තක් වන අතර කළයුතුව ඇත්තේ එම ප්‍රමාණය වැඩිකිරීම මිස අඩු කිරීම නොවන බව අවධාරණය කරන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. අද (19) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය විසින් මෙම අදහස් පළකර සිටියේස.

මෙහිදී අජන්තා පෙරේරා මහත්මිය තවදුරටත් පහත පරිදි අදහස් පළකරන ලදී.

දේශපාලනයේදී 25% ක කාන්තා නියෝජනය සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා පළාත් සභා අමාත්‍යංශය විසින් කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වනවා. 25% ක කාන්තා නියෝජනයක් ලබාගත්තේ වසර 20 ක් තිස්සේ සිදුකළ අරගලයකින් පසුවයි. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අනුව රටවල් 190 ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 180 වන ස්ථානයේයි. කාන්තා නියෝජනය, පළාත් සභාව තුළ 4% ක්ද අනෙකුත් පළාත් පාලන ආයතන තුළ 1.9% ක්ද වනවා. මෙරට ඡන්ද දායකයින්ගෙන් 56% ක් පමණ වන කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යංශයක් හෝ නොමැති තත්ත්වකදී 25% ක කෝටාව කාන්තාවන්ට අහිමිකිරීම මහාපරිමාණයේ අපරාධයක් බව අවධාරණය කළ හැකියි.

කාන්තාවන් වෙනුවෙන් සර්ව පාක්ෂික කාන්තා එකතුවක් නිර්මාණය කිරීමට කටයුතු කළා. සියළු පක්ෂ නියෝජනය කරන කාන්තාවන් ඒ සඳහා එක්කර ගත් අතර එසේ කාන්තාවන් එක් නොවුනහොත් කාන්තාවන් වෙනුවෙන් හඬක් නැගීමට අවස්ථාවක් උදා වන්නේ නෑ. කාන්තා දායකත්වය නිසි පරිදි නොලැබුනහොත් රටේ සියළු ක්ෂේත්‍ර බිඳවැටෙනවා.

අප කිසිදු විටෙක පුරුෂ පක්ෂය සමඟ සම ස්ථානයක් ඉල්ලන්නේ නෑ. කාන්තාවන්ට අවශ්‍ය වන්නේ සුදුසු ස්ථානයක්. ඒ සඳහා අරගල කළයුතුව තිබෙනවා. අපි පුරුෂ පක්ෂය හෙළාදකින්නේ නෑ. ඔවුන් සමඟ එක්ව ගමන් කළයුතුයි. පරිසර පනත තුළ පවතින පරිසරය ආරක්ෂා් කිරීම පිළිබඳ නීතීන්ට පටහැනිව ඇතැම් පිරිස් ක්‍රියාත්මක වෙමින් සිටිනවා. ඒ අනුව මෙරට පරිසරය විනාශවෙමින් පවතිනවා. යම් සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරන්නේ නම් ඒ සඳහා පරිසර ඇගයීම් වාර්තාවක් අවශ්‍යයි. මෙතෙක් සකස් කර තිබෙන පරිසර ඇගයීම් වාර්තා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පරිසර කමිටුව වෙත භාරදිය යුතුයි. ඒ අනුව අඩුපාඩු විමර්ශනය කරමින් පමණක් ඉදිරියට ගමන් කළයුතු බව අවධාරණය කරනවා.

මේ වනවිට විශාල ලෙස පස් කැපීම්, වනාන්තර එළිපෙහෙළි වීම් සිදුවනවා. රටක් සංවර්ධනය කිරීම සඳහා සංවර්ධන ව්‍යාපෘති අවශ්‍යයැයි ජනාධිපතිවරයා පවසනවා. එම ප්‍රකාශයට අප එකඟ වනවා. නමුත් තමන්ට අවශ්‍ය ආකාරයට පරිසරය විනාශකරමින් එම සංවර්ධන කටයුතු සිදුකළ නොහැකි බව අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.

අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කළයුතුව තිබෙනවා. වසර 05 ක කාලයක් සඳහා පමණක් බලයට පත්වන ආණ්ඩුවක් සදාකාලික වන්නේ නෑ. ව්‍යවස්ථානුකූලව පරිසරය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම වගකීමක් වන බව ජනාධිපතිවරයාට මෙන්ම පරිසර අමාත්‍යවරයාටද අවධාරණය කරනවා. ජනාධිපතිවරයා සහ පරිසර අමාත්‍යවරයා අතර යම් විරසකයක් පවතින්නේ නම් එය අපට අදාළ වන්නේ නෑ. නිල ඇඳුමෙන් සැරසී රූපවාහිනිය ඉදිරියේ අදහස් පළකලත් මෙරට තුළ තවමත් ක්‍රියාත්මක වන්නේ හමුදා පාලනයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බව අවධාරණය කරනවා. පරිසරය විනාශවීම සම්බන්ධයෙන් භාග්‍යා දියණිය විසින් පසුගියදා සිදුකළ අදහස් දැක්වීම තුළ විශාල හඬක් පවතිනවා. එසේ අදහස් පළකිරීමට අයිතියක් පවතින ඇයව බියගන්වා, යටපත් කිරීමට කිසිවෙකුට කිසිදු අයිතියක් නෑ. පරිසර විනාශය සම්බන්ධයෙන් අදහස් පළකිරීමට දේවානි මහත්මියටද අයිතියක් තිබෙනවා. සංවර්ධන ව්‍යාපෘති වෙනස්කර හෝ පරිසරය ආරක්ෂා කරගතයුතුව තිබෙනවා. භාග්‍යා දියණියට සහ දේවානි මහත්මියට එරෙහිව අදහස් පළවන්නේ ඔවුන් පරිසර විනාශය පිළිබඳ හඩ නැංවීම නිසයි. දේශපාලන ක්ෂේත්‍රයට පැමිණෙන කාන්තාවන් හට දේශපාලන, සමාජ සහ ආර්ථික යන ක්ෂේත්‍ර පිළිබඳ උගත්කමක් ලබාදීමට උනන්දු වියයුතු නමුත් එවැනි පුහුණුවක් ලබාගැනීමට ස්ථානයක් නැහැ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට