ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක අද (20) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලද අද උදෑසන කාලයෙදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.