සත්‍යයේ පුවත් අඩහැරය….

තරුණ පිරිස් සිය වේදනාව චිත්‍රයට නඟන විට ආණ්ඩුව බැටන් පොල්ල දිගු කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu හැටනව ලක්‍ෂයක ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව, ජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටුකර නොමැති බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (20) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් මෙම අදහස් පළකර සිටියේය.

එහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකළේ්ය.

ගැසට් පත්‍ර සඳහා මේ වනවිට කිසිදු තැනක් නෑ. ඒ තරමටම ආණ්ඩුව නිකුත් කළ කිසිදු ගැසට් පත්‍රයක් ක්‍රියාත්මක වන්නේ නෑ. සහල් මිල පාලනය කිරිමේ අරමුණින් ගැසට් පත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කළත් සහල් මිල පාලනය කර ගැනීමට ආණ්ඩුවට නොහැකිව තිබෙනවා.

ජීවන වියදම ඉහළ යාම නිසා පීඩාවට පත්ව සිටි ජනතාව කොරෝනා වසංගතය හමුවේ තව තවත් පීඩාවකට පත්ව සිටින තත්ත්වයකදී සොරකමට ඉඩදෙමින් සීනි බදු වංචාව තුළින් රුපියල් බිලියන 16 ක දැවැන්ත මුදලක් වංචාකිරීමට ආණ්ඩුව විසින් එක් සමාගමකට අවස්ථාව ලබාදී තිබෙනවා. ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ බලයට පැමිණීමේදී පවසන ලද දේ නොවෙයි. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවන බව පෙනීයමින් තිබෙනවා.

මේ වනවිට රට තුළ සිදුවන පරිසර හානියට එරෙහිව දරුවන් ඇතුළු තරුණ පිරිසක් විසින් නිර්මාණය කර කොළඹ, නෙළුම් පොකුණ ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබූ විශාල චිත්‍රයක් බිමට ඇද දැමීමට ආණ්ඩුව කටයුතු කරලා. මෙය ඒකාධිපතිත්වයදැයි විමසීමට සිදුවනවා.

ආණ්ඩුව ව්‍යර්ථ කර ඇත්තේ රටේ අනාගතය පිළිබඳ කැක්කුමක් ඇති පිරිසක් පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා ගත් උත්සාහයක්. බලයට පත්වීමෙන් පසු තරුණ පිරිස් විසින් තාප්ප, බිත්ති ආශ්‍රිතව චිත්‍ර අඳිනවිට ඊට සහාය දුන් වත්මන් ආණ්ඩුවම, එම තරුණ පිරිසගේ වේදනාව චිත්‍රයට නඟන විට බැටන් පොල්ල දිගුකරනවා. මෙය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරු පහරක්. ජනතාව වත්මන් ආණ්ඩුවට බලයක් ලබාදෙන ලද්දේ මෙවැනි දේවල් සඳහා නොවෙයි.

ආණ්ඩුව සමඟ දීගකෑමට බලාපොරොත්තුවෙන් සිටින මුස්ලිම් අන්තවාදීන් පිරිසක් සිටින බවත් එම පිරිස ආරක්ෂා කරමින් සිටින කණ්ඩායම, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නිසිලෙස සිදුකිරිමට ඉඩනොදෙන බව ආණ්ඩු පක්‍ෂයේම අමාත්‍යවරයෙකු පවසා තිබෙනවා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂ්ණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට