සත්‍යයේ පුවත් අඩහැරය….

ගෙවීගිය ටයර් සහිත වාහන සෙවීමේ දින තුනක අඛණ්ඩ මෙහෙයුමක්..

Podu මෙරට තුළ ධාවනය වන වාහනවල ටයර් ගෙවීයාම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා දින තුනක අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව අදාළ මෙහෙයුම අද (22) සිට ක්‍රියාත්මක වන අතර ගෙවී ගිය ටයර සහිත යම් වාහනයක් පදවා රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500/- ක දඩයක් සහ එවැනි වාහනයකින් යම් පුද්ගලයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000/- ක දඩයක් නියම කිරීමේ හැකියාවක් පවතින බවද පොලිස් ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. වාහනවල පවතින දෝෂ අනතුරු සිදුවීමට මූලික හේතුවක් ලෙස දැක්විය හැකි බවද පොලිස් ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට