සත්‍යයේ පුවත් අඩහැරය….

මාධ්‍යයේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව දියත්වන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව පෙනීසිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක

Podu පරිසරය විනාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළකිරීමේ මාෆියාවක් රට තුළ ක්‍රියාත්මක වන බැවින් එය විනාශ කළයුතු බව හැඟවෙන පරිදි ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය දැඩිව හෙළාදකින අතර සත්‍ය ප්‍රකාශ කිරීමට සැමට අයිතියක් තිබෙන බැවින් මාධ්‍යයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය වෙනුවෙන් පෙනීසිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර එහිදී ඒ මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකළේය.

සිය ගෝලයින්ට පමණක් උසස්වීම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. අප මීට දැඩි විරෝධය පළකරනවා. තමන් වෙනුවෙන් කඩේ ගිය, බලයට පැමිණීමට උපකාර කළ නිලධාරීන්ට පමණක් උසස්වීම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. අලි මිනිස් ගැටුමට විසඳුම් ලබාදෙන බව පවසමින් බලයට පත්වුවද එසේ විසඳුමක් ලබාදීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නෑ.

අප මුතුරාජවෙල ඇතුළු තවත් වනාන්තර ප්‍රදේශ කිහිපයක කරන ලද සංචාරයකදී එම ප්‍රදේශ ආශ්‍රිතව දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බව දැකගැනීමට හැකිවුනා. විශාල දේශපාලන ශක්තියක් තුළින් එම කටයුතු සිදුවන බැවින් එම ප්‍රදේශවල කිසිදු නිලධාරියෙකු එම පරිසර විනාශයට එරෙහිව කටයුතු කරන්නේ නෑ. ඉහත සංචාර වලදී පරිසර විනාශවීම් සම්බන්ධයෙන් ලබාගත් ඡායාරූප සහ දත්ත රැසක් අප සතුව පවතිනවා. ඒ අනුව සිදුවෙමින් පවතින පරිසරය විනාශයට එරෙහිව සියළුදෙනා එක්ව කටයුතු කළයුතුයි.

දිගින් දිගටම මෙවැනි පරිසර විනාශයන් සිදුවුවහොත් අනාගතයේදී රට තුළ කිසිදු වනාන්තර ප්‍රදේශයක් ඉතිරි නොවේවි. ජනාධිපතිවරයා යම් යම් වැඩසටහන් සඳහා රටේ විවිධ ප්‍රදේශයන්ට ගමන්කරන විට එම ප්‍රදේශවල ගස් ගැහෙනවා. සත්තු සැඟවෙනවා. සීනි බදු වංචාව සම්බන්ධයෙන් සමගි තරුණ බලවේගය මීට සති 06 කට පමණ පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජීවන වියදම ඉහළගොස් ඇති බැවින් දැඩි පීඩාවකට පත්ව සිටින මෙරට ජනතාව සිංහල හින්දු නව අවුරුදු උදාව සමරන්නේ කෙසේදැයි විමසීමට සිදුවනවා. අවුරුදු සමයේදී රාජ්යද සේවකයින්ට ලබාදෙන දීමනාව, මාර්තු මස අග වනවිට ලබාදිය වුවත් එම දීමනාව ලබාදෙන්නේ දැයි විමසීමට සිදුව තිබෙනවා.

දිනෙන් දින ඇමෙරිකානු ඩොලරය ඉහළ යමින් තිබෙන අතර ආර්ථිකය මේ ආකාරයට පවත්වාගෙන යන්නේ නම් ජනතාවට විඳීමට සිදුව තිබෙන ආර්ථික පීඩනය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වේවි. ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඊයේ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ මනා අවබෝධයක් ලබාගෙන ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. එම ප්‍රකාශය මගින් ජනාධිපතිවරයා තර්ජනය කරන්නේ කාහටදැයි විමසනවා.

2010 සිට 2015 දක්වා පැවති ආණ්ඩු සමය තුළ, එම ආණ්ඩුවට එරෙහිව අදහස් පළකල මාධ්‍යවේදීන්ට සිදුවූ දේ මතක් කිරීමට සිදුවනවා. අවශ්‍ය තරම් වී තොග පවතින බව ආණ්ඩුව පැවසුවද මේ වනවිට රට තුළ වී හිඟයක් මතුව තිබෙනවා. ගෑස් සම්බන්ධයෙන්ද යම් ගැටළුවක් පවතිනවා. ඉතිහාසය තුළ බලයට පත්වූ ආණ්ඩු අතරින් විශාලතම පරිසර හානියක් සිදුව ඇත්තේ පසුගිය වසර එක හමාරක කාලය තුළ රට පාලනය කළ වත්මන් ආණ්ඩු සමය තුළ බව අවධාරණය කරනවා. වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සදහා සහාය දුන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් විසින් පවා එය පිළිගන්නවා.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාද පහත පරිදි අදහස් දක්වන ලදී.

නිවැරදි ලෙස රට පාලනය කිරීම සඳහා මෙතෙක් කාලයක් දේශපාලනය නොකළ අයෙකු බලයට පත් කරගත යුතු බව පවසමින් වත්මන් ජනාධිපතිවරයාව බලයට පත්කර ගැනීමට ජනතාව කටයුතු කළා. වත්මන් ආණ්ඩුව, කුඩා දරුවන්ගේ චිත්‍රයක් හෝ ප්‍රදර්ශනය කිරීමට ඉඩනොදෙන තත්ත්වයක් උදාකර තිබෙනවා.

මෙරට මාධ්‍ය විසින් පරිසර විනාශ කිරීම් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කරන විට ජනාධිපතිවරයා ඊට සෘජුව තර්ජනය කරමින් සිටිනවා. රෙදි නොව යට ඇඳුමක් පවා නොමැතිව ආණ්ඩුවට කඩේ යාමට පොලිසියට සිදුව ඇති බව පෙනීයනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු “අපේ රජය” යැයි පවසන ලද්දේ මෙරට තුළ පළමු වරට බව පැවසිය හැකියි. පොලිසියේ ඉහළ නිලධාරියෙකු මෙවැනි ප්‍රකාශ නිකුත් කරන විට පහළ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි විමසීමට සිදුවනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රට තුළ ඒකාධිපති පාලනයක් ඇතිවී නීතිය සහ යුක්තිය වල්වැදෙන රටක් බිහිවන බව අප මුලසිටම පැවසුවා. දැන් ඒ දෙය සිදුවෙලා. ව්‍යාජ ප්‍රකාශ හමුවේ අන්තවාදය පතුරවා බලයට පැමිණි බවත් ආණ්ඩුව පවසන පරිදි රට තුළ පරිසර විනාශයක් සිදු නොවන්නේ නම් මෙලෙස ප්‍රවෘත්ති පළකිරීමේ වුවමනාවක් මාධ්‍යයට ඇති වන්නේ නෑ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට