සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික හැදුනුම්පත් ලබාදීමේ එක් දින සේවාව අරඹයි ..

Podu එක්දින සේවාව යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ සේවාව යළි ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මහජනතාව ඒකරාශිවීම් වැලැක්වීම සදහ එම සේවාව ඉකුත් සමයේ තාවකාලිකව නතර කරන ලදී. යම් පුද්ගලයෙකු ජාතික හැදුනුම්පත ලබාගැනීම සදහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්‍ෂා කරන්නේ නම් දිනයක් හා අංකයක් වෙන් කර ගැනීම අනිවාර්ය වේ. ඒ සදහා සිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට යොමුවීමෙන් හෝ 011 5 226 126 හෝ 011 5 226 100 යන දුරකතන අංක ඇමතීමෙන් එම සේවාව ලබාගත හැකි බව සඳහන් වේ. සාමාන්‍ය සේවය යටතේ ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට අපේක්‍ෂා කරන පුද්ගලයන්ට තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට යොමු කළ හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම ඉල්ලුම්පත් දෙපාර්තමේන්තුවට ලැබීමෙන් පසු ජාතික හැදුනුම්පත් මුද්‍රණය කර ලියාපදිංචි තැපෑල හරහා ඉල්ලුම්කරු වෙත යොමු කෙරෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට