සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරයා පිළිබඳව තිබු විශ්වාසය තරුණ පරම්පරාව තුළ අද නෑ – සමගි ජන බලවේගය..

Podu ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල ඡන්ද පදනමක් ලබාදීමට රටේ තරුණ පරම්පරාව දේශපාලන බේදයකින් තොරව පෙනිසිටි අතර රටට උචිත යහපත් නායකත්වයක් තෝරා ගැනීම තරුණ පරම්පරාවේ අවශ්‍යතාවය වූ නමුත් ජනාධිපතිවරයා අද වනවිට ජනතා අපේකෂා බිඳදමමින්  කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා අවධාරණය කර සිටියි.

සිංහරාජ වනාන්තරයේ සිදුවන පරිසර හානිය සම්බන්ධව භාග්‍යා අබේරත්න නැමති දියණිය මාධ්‍ය ඉදිරියේ සිදු කළ ප්‍රකාශය සමඟ ආණ්ඩුව දැඩි කලබලයට පත්ව ඇති අතර  රාජපක්ෂවරුන්ට අවශ්‍ය දේශපාලන ගමන සඳහා සහය ලබාදෙන ගජ මිතුරන් සහ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය සහය ලබාදීම මෙන්ම පෝෂණය කිරීම අතීතයේදී පවා සිදු වු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාද එම තැනට පත්ව ඇද්ද යන්න සැක සහිත බවට එතුමා පවසයි.මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින අතර මහින්ද රාජපක්ෂ මහතා ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීමට පෙනි සිටින අතර ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට නියෝග ලබාදුන්නත් කිසිදු ඵලක් නොමැතිව ඇති අතර එම නිසා සහෝදරයින් දෙදෙනා අතර ගැටුමක් ඇති වී ඇති බවයි.

යහපාලන ආණ්ඩුව නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි බවට ආණ්ඩුව  පවසා සිටින අතර මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට  නීති සම්පාදනය කළ යුතු බවට පවසා සිටිම විහිළුවක් බවත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව බියක් දක්වන අතර යහපාලන ආණ්ඩුව ඇති කළ නීතිමය ගැටවළුක් යනුවෙන් පවසමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට කටයුතු කරමින් සිටින බැවින් හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා සිටින බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට