සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ රටම අච්චාරුවක් බවට පත්ව අවසන් – සමගි ජන බලවේගය

Podu පරිසර දත්ත වාර්තාවක් නොමැතිව, ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සිංහරාජ වනාන්තරය තුළ හමුදාව යොදවා මාර්ගයක් ඉදිකර ලබාදුන් ආදර්ශය අනුව ආණ්ඩුවේ ගෝලයින් මේ වනවිට දැවැන්ත පරිසර විනාශයක් සිදුකරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ අද (24) විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී නලින් බණ්ඩාර මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකරන ලදී.

අපවත්වී වදාළ කොටුගොඩ ධම්මාවාස නායක හිමියන්ගේ අභාවය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සිය ශෝකය පළකරනවා.

රට තුළ මේ වනවිට සිදුවෙමින් තිබෙන දැවැන්ත පරසර විනාශයට විරෝධය පළකරමින් සමගි ජන බලවේගයට අනුබද්ධ ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම නැමැති සංවිධානය විසින් අද සවස 03.00 ට කොළඹ, විහාර මහාදේවී උද්‍යානය අසළ සාමකාමී විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පරිසරය විනාශයට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි ආණ්ඩුව සහ ජනාධිපතිවරයා පවසනවා. පරිසර විනාශය නතරකිරීම සඳහා ආණ්ඩුවට දැවැන්ත වගකීමක් තිබෙනවා.

හම්බන්තොට ප්‍රදේශයට ජලය ලබාදීම සඳහා සිංහරාජ වනාන්තරය තුළ අක්කර 05 ක වැව් දෙකක් සකස් කරන බව චමල් රාජපක්ෂ මහතා විසින් පවසා තිබෙනවා. ඉහළ ජෛව විවිධත්වයක් සහිත මෙරට තුළ පවතින එකම නොඉඳුල් වනාන්තරය වන සිංහරාජ වනාන්තරයේ කොතනක හෝ වැවක් ඉදිකිරීම වැරදි සහගතයි. ජල පහසුකම් ලබාදීම කළයුත්තක් තමයි. නමුත් වනාන්තර විනාශ කරමින් මෙවැනි ව්‍යාපෘති දියත් නොකළ යුතුයි. ඔක්සිජන් කන්නදැයි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විමසූ අතර කඩොලාන ශාක පද්ධතියක් විනාශ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වුනේ නෑ.

රඹකැන්ඔය පරිසර විනාශය හේතුවෙන් ආදිවාසී ජනතාවට අධිකරණය හමුවට ගමන් කිරීමට සිදුව තිබෙනවා. හේන් වගාවට අප විරෝධය පළනොකරන නමුත් මහා පරිමාණයෙන් වානාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් අප දැඩි විරෝධය පළකරනවා. රට තුළ සිදුවන පරිසර විනාශය, සිය පාලනයෙන් මිදී ඇති බව ජනාධිපතිවරයාටද දැනී තිබෙනවා.

කරුණු සොයාබැලීමක් සිදුනොකර පරිසර විනාශය පිළිබඳ අදහස් පළකල භාග්‍යා දැරියගෙන් ප්‍රශ්න කිරීමට තරම් ආණ්ඩුව බංකොලොත්භාවයට පත්ව තිබෙනවා. මෙරටට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද යෝජනාවට පක්ෂය රටවල් 22 ක් ද විපක්‍ෂව රටවල් 11 ක්ද ඡන්දය ලබාදුන් අතර රටවල් 14 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. එසේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි රටවල්ද යෝජනාවට විපක්ෂව කටයුතු කර ඇතැයි පවසමින් දිනේෂ් ගුණර්ධන ශූරීන් ජයපැන් බීමට කටයුතු කරලා. මෙරට ජනතාව ගොන් බූරුවන් යැයි සිතා ආණ්ඩුවේ පිරිස් මෙවැනි ප්‍රකාශ කරන්නේදැයි විමසීමට සිදුවනවා.

පසුගිය සමයේ ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත මෙරටට එරෙහිව යෝජනා ඉදිරිපත්වූ විටි මෙරටට පක්ෂ ව ඡන්දය ලබාදුන් රටවල් කිහිපයක් ඊයේ දින ඡන්දය දීමෙන් වැළකී සිටි බව පෙනීයනවා. මේ අනුව වත්කම් අත්හිටුවීම, සංචාරක සහ ආර්ථික සම්බාධක පැනවීම ආදී අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකියි.

මෙරට විදෙස් ප්‍රතිපත්තිය නිසි කළමණාකරනයකින් තොරවීම නිසා ශ්‍රී ලංකාව සමඟ මිතුරුව කටයුතු කළ රටවල් රැසක් අද වනවිට අපගේ පසමිතුරන් බවට පත්ව තිබෙනවා. මෙවර මානව හිමිකම් යෝජනාව තුළ අන්තර්ගතව ඇත්තේ යුද සමය තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් වන චෝදනා බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළත් සිවිල් පරිපාලනය මිලිටරිකරණය කිරීම, ව්‍යවස්ථාවේ සඳහන් සංචර්ණ තුලන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඉවත්කිරීම, අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධ පරීක්ෂණයන්ට දේශපාලන බලපෑම් එල්ලවීම, රටේ අනෙකුත් ජන කොට්ඨාශ කොන්කරමින් ජාතිවාදය කරපින්නාගෙන යාම, පුද්ගලිකත්වයට බලපෑම් වන ලෙස පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම ආදී කරුණු රැසක් එම යෝජනාව තුළ අන්තර්ගත වනවා.

මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පත්කළ උගත් පාඩම්, දරුස්මාන් සහ පරණගම ආදී කොමිෂන් සභාවල වාර්තා අධ්‍යයනය සඳහා තවත් කොමිසමක් පත්කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමටත් තවත් කොමිසමක් පත්කළා. රටක් ලෙස තවදුරටත් මෙලෙස ගමන් කළ නොහැකියි. මෙරටට එරෙහිව සංචාරක සම්බාධක පැනවුවහොත් ගැටළු රැසකට මුහණදීමට ශ්‍රී ලංකාවට සිදුවේවි. විදෙස් ප්‍රතිපත්ති පිළිබඳ බරපතල ගැටළුවක් පවතිනවා. ඊට වහාම පිළියම් යොදා ගැටළු නිරාකරණය කරගත යුතුයි.

මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ලබානොදීම, අදාළ යෝජනාවට පක්‍ෂව හෝ විපක්‍ෂව ඡන්දය ලබාදීමක් ලෙස ගණනය කළ නොහැකියි. ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් මෙම යෝජනාවේදී මෙරටට සහාය නොදුන්නේ මන්දැයි යන ගැටළුව පැනනඟිනවා. යම් යම් කරුණු හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඡන්දය ලබාදීමෙන් වැළකීම, අදාළ යෝජනාවට විපක්ෂව ඡන්දය ලබාදීමක් ලෙස පෙන්වාදෙන දිනේෂ් ගුණවර්ධන මහතාව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළයුතුයි. ඉහත යෝජනාව තුළ අන්තර්ගත කර තිබෙන චෝදනා නිවැරදි කරගැනීමට හැකියි. හයිරන්පාට් නොදමා ජාත්‍යන්තරය සමඟ නිසිලෙස ගනුදෙනු කිරීමට ආණ්ඩුව කටයුතු කළයුතුයි.

මෙරට විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳ දැවැන්ත ගැටළුවක් පවතිනවා. ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනත් රටක බලපෑම් හේතුවෙන් අත්හිටුවීමට ආණ්ඩුව කටයුතු කළා. පළාත් සභා මැතිවරණය මෙන්ම රටෙහි අනෙකුත් සියළුදේ සම්බන්ධයෙන් ආණ්ඩුවට එක් ප්‍රතිපත්තියක් නෑ. ආණ්ඩුවේ පාලනය තුළින් රටම අච්චාරුවක් බවට පත්ව තිබෙනවා. අපට පෙර රටේ තරුණ ප්‍රජාව විසින් පරිසර විනාශය පිළිබඳ අදහස් පළකලා.

ඔලමොට්ටල අමාත්‍යවරුන් ඇතුළු වත්මන් ආණ්ඩුව පරිසරය සම්බන්ධයෙන් කිසිදු වටිනාකමක් නොමැතිව අදහස් පළකරන ආකාරය දැකගැනීමට හැකිව තිබෙනවා. මේ වනවිට රටේ අහිංසක ජනතාවට අයත් වාහනවල පමණක් ටයර් පරීක්‍ෂා කිරීම සිදුවනවා. මේ වනවිට ජනතාව රිම් එකෙන් යමින් සිටිනවා. අවශ්‍යතාවයට සරිලන ලෙස ටයර් රට තුළ නෑ. ටයර් මිල විශාල ලෙස ඉහළගොස් තිබෙනවා. ගෙවීගිය ටයර් භාවිත කළහොත් රුපියල් 25000/ – ක දඩයක් අයකරනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට