සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාවට අවුරුදු සැමරීමට සිදුවන්නේ හිතේ සතුටින් නොව ආණ්ඩුවේ පිරිසගේ දෙමව්පියන් මතක් කර ගෙනයි – හර්ෂණ රාජකරුණා

Podu ජනතාව බිල්ලටදී හෝ තමන්ට බලයට පත්වීම සඳහා මුදල් වැයකළ ගජ මිතුරු ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාර තුළින් දැවැන්ත අදායමක් ලබාගැනීම සඳහා ආණ්ඩුව අවස්ථාව ලබාදී ඇති බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි.අද (27) විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී හර්ෂණ රාජකරුණා මහතා පහත පරිදි අදහස් දක්වන ලදී.

සීනි බදු වංචාව හරහා රටට විශාල ආදායමක් අහිමිවුනා. එය ජනතාවට සිදුවූ දැඩි අසාධාරණයක්. සීනි බදු වංචාව සිදුකළ සමාගම මීට පෙර පොල්තෙල් බදු වංචාවකටද සම්බන්ධවුනා. එම වංචාව හරහාද විශාල ආදායමක් රටට අහිමිකළා. එසේ මෙරටට ගෙන්වන ලද පොල්තෙල් වල පිළිකාකාරක පවතින බව මේ වනවිට වාර්තා වනවා. මෙරටට ගෙන්වන ලද පොල්තෙල්, පිරිපහදු කරන බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව පොල්තෙල් යනු බොරතෙල් වැනි ද්‍රව්‍යයක්දැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුවනවා.

මෙරට ජනතාව සිය ආහාර සකස් කිරීම සඳහා භාවිතා කරන පොල්තෙල් පවා පිරිපහදු කිරීමට සිදුව ඇති තත්ත්වයකට වත්මන් ආණ්ඩුව පත්ව තිබෙනවා. ජීවත්වීමට අවශ්‍ය නිදහස මෙන්ම දේශපාලනය ගාවා නොගෙන පිරිසිදු ආහාර වේලක් ලබාගත හැකි පරිසරයක් ජනතාවට නිර්මාණය කරදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සිංහරාජ වනාන්තරය වෙත ගොස් තිබෙන බව වාර්තා වනවා. රට තුළ පරිසර විනාශයක් සිදුනොවන බවට මතයක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. තමන් නියෝජනය කරන ගම්පහ ප්‍රදේශය තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් විශාල ලෙස පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. එම පරිසර විනාශය පෙන්වාදීම සඳහා තමන් සමඟ ගම්පහ ප්‍රදේශයට පැමිණෙන ලෙස සිංහරාජය වෙත ගිය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසරය රැකගැනිම සඳහා තදබල, නමුත් අප්‍රසිද්ධ තීන්දු තීරණ රැසක් දියත් කළා. ඒ සම්බන්ධයෙන් එතුමාට ගෞරවය පුදකරනවා.

“ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනට සහභාගි වෙමින්, සිය වචනය චක්‍රලේඛයක් ලෙස සලසා කටයුතු කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කළ වත්මන් ජනාධිපතිවරයාගේ ලිහිල්භාවයෙන් ඡාවාරම්කරුවන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් සිටිනවා. සිය වචනය චක්‍රලේඛයක් ලෙස සලකා කටයුතු කරන්නැයි පැවසුවද අදාළ කාර්යය වැරදුනු විට ජනාධිපතිවරයා වෙනත් අදහසක් ඉදිරිපත් කරන නිසා ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන්නැයි රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

රට තුළ පරිසර හානියක් සිදුනොවන්නේ යැයි කවුරුන් පැවසුවද මේ වනවිට රට දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. ඇතැම් විටෙක ආණ්ඩුවේ ගෝලයින් මෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා සෘජුවම සම්බන්ධ වෙමින් පරිසරය විනාශ කරමින් සිටිනවා. පරිසරය සම්බන්ධ බලතල ප්‍රාදේශීය ලේකම්වරයාට ලබාදීම තුළින් ආණ්ඩුවට හිතවත් දේශපාලඥයින් රජයේ නිලධාරීන්ට යම් යම් බලපෑම් එල්ලකර භූමි ප්‍රදේශ ලබාගෙන තිබෙනවා. ඇතැම් විට කැබිනට් අනුමැතියෙන් පවා යම් යම් කාර්යයන් සඳහා පාරිසරික ප්‍රදේශ ව්‍යාපාරිකයින්ට ලබාදී තිබෙනවා. පරිසරය විනාශයක් සිදුව නැතැයි පවසන්නේ නම් රටේ වෙනත් ප්‍රදේශවලටද ගොස් ඒ පිළිබඳ සොයාබලන ලෙස ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

සීනි බදු වංචාව සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වන්නැයි සමගි ජනබලවේගයේ කණ්ඩායම් දෙකක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඉල්ලීම් කර තිබෙන නමුත් මෙතෙක් එවැනි පරීක්ෂණයක් සිදුවන බවක් පෙනෙන්නට නෑ. ඒ අනුව මෙම වංචාව යට ගැසීම සඳහා ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව පැවසිය හැකියි. පොල් තෙල් සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බැවින් රටේ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකළයුතුව තිබෙනවා. භාවිතයට සුදුසු පොල්තෙල් පමණක් මෙරටට ගෙන්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. පිරිපහදුවට ලක්කළද මෙරටට ගෙන්වා තිබෙන, බදු වංචාවට සම්බන්ධ පොල්තෙල්වල ගුණාත්මකභාවය පිළිබඳ අප තුළ කිසිදු විශ්වාසයක් නෑ.

ආණ්ඩුව වැරදි සහගත කාර්යයන් සිදුකරන විට ජනතා පාර්ශවයේ සිට රටට වගකියන විපක්‍ෂයක් ලෙස අප කටයුතු කරන විට ආණ්ඩුව මෙලෙස නිහඬව සිටීම පිළිබඳ පවතින්නේ දැඩි කණගාටුවක්. ආණ්ඩුව මෙම වංචාවන් සැඟවීමට උත්සාහ කරන්නේ මන්දැයි යන ගැටළුව මතුවනවා. එක් ප්‍රධාන ආයතනයක් මෙම වංචා සියල්ලටම සම්බන්ධව සිටිනවා. එම සමාගම ආරක්ෂා කිරීමේ වුවමනාව පවතින්නේ කාහටදැයි විමසීමට සිදුවනවා.

මෙම අර්බුදකාරී තත්ත්වයන්ට එරෙහිව ජන අරගලයක් කරා ගමන් කිරිම සඳහා සූදානම් විය යුතුයි. ඒ සඳහා අපත් සමඟ එක්වන ලෙස මෙරට ජනතාවගෙන් ආරාධනා කරනවා.

ආණ්ඩුව පවසන පරිදි කිසිදු අයුරකින් සහල් මිල පහළ දැමීමක් සිදුව නොමැති බව තමන්ට අද දිනයේදී දැකගැනීමට හැකිවුනා. ඉදිරි උත්සව සමය තුළ සහල් මිල තවත් ඉහළ යාමක් මිස පහළ යාමක් සිදුනොවනු ඇති බව පසුගියදා නාරානේපිට ආර්ථික මධ්‍යස්ථානය තුළ කරන ලද සංචාරයේදී එම තොග වෙළඳුන් අප සමඟ පවසා සිටියා.

භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා ගැසට් පත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කළත් එම මිල ගණන් යටතේ මිලදී ගැනීම සඳහා වෙළඳපොල තුළ අදාළ භාණ්ඩ පැවතියේ නෑ. ජනතාවට නව අවුරුදු සැමරීමට සිදුවන්නේ සිතේ සතුටින් නොව ආණ්ඩුවේ පිරිසගේ දෙමව්පියන් මතක් කරමින් පමණක් බව පැවසිය හැකියි.


විශාල බලාපොරොත්තු ඇතිව මෙරට ජනතාව නව අවුරුදු සමරන නමුත් මෙවර එසේ නව අවුරුදු සැමරීමට නොහැකි වේවි. නව අවුරුදු උත්සව සමයක් තුළ මෙවැනි ඉහළ ජීවන වියදමක් පැවති බව සිය මතකයේ නෑ. ඉදිරි සති දෙකක කාලය තුළ කිසිදු ලෙසකින් භාණ්ඩ මිල පහළයාමක් සිදුනොවන බව ස්ථිර ලෙස පැවසිය හැකියි.

පරිසරය පිළිබඳ අදහස් පළකිරීම විලාසිතාවක් බවට පත්ව ඇතැයි කවුරුන් විසින් පැවසුවත් එය යහපත් තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි. පරිසරවේදීන් සහ පරිසර විනාශය පිළිබඳ අදහස් දක්වන්නන් ත්‍රස්තවාදීන් ලෙස සලකන තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

පරිසරයට සිදුව තිබෙන හානිය දැකගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙමින් තිබෙනවා. පැවති අපගේ ආණ්ඩු සමය තුළ මෙන් පරිසරය සුරැකීමට කටයුතු කරන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට