මැදින් පුර පසලොස්වක පෝය දිනය අද ..
මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී ඇත. බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහාසංඝයා වහන්සේ සමග කිඹුල්වත්නුවර බලා වැඩමකර ඇත්තේ අද වැනි පොහොය දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ පැවිදි බව ලබාදී ඇත්තේ ද යශෝධරාවගේ දුක තුනී කිරීම සඳහා සඳකිදුරු ජාතකය දේශනාකර ඇත්තේ ද අද වැනි පොහොය දිනයක බව ඉතිහාසයේ සඳහන් වේ. ලෝකවාසී බෞද්ධ ආගමික ජනතාව අද දිනයේ ආමිස සහ ප්‍රතිපත්ති පුජාවල නිරත වෙමින් කටයුතු කරනු ඇත.