සත්‍යයේ පුවත් අඩහැරය….

ගෑස් මිල ඉහළ යන ලකුණු ..

Podu මෙරට ගෑස් මිල ගණන් ඉහල දැමිය යුතු බව ගෑස් සමාගම් පවසනු ලබයි.ලබන මාසයේදී ගෑස් මිල වැඩි නොකළහොත් සිය ව්‍යාපාර දැඩි අර්බුධයකට පත්වන බව ඔවුන්යි සඳහන් කරනු ලබයි. දිගින් දිගටම ලෝක වෙළදපොලේ ගෑස් මිල ගණන් ඉහල යාම හේතුවෙන් ලබන මාසයේදීද තවදුරටත් ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහල යනු ඇති බවට ගෑස් සමාගම් සඳහන් කරයි. ඉකුත් වසරේ මේ කාලය වනවිට ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල පැවතුණේ ඩොලර් 304ක් ලෙසයි. මේ වන විට එය ඩොලර් 605 දක්වා ඉහල ගොස් ඇත. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ගෑස් මිල අඩු කළ අතර ඉන් පසු කිසිදු මිල සංශෝධනයක් සිදු වුයේ නැති නමුත් මේ  වන විට තම ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබමින් ඇති බව ගෑස් සමාගම් සඳහන්පැ කරයි. දිගින් දිගටම ඩොලරයේ අගය ඉහල යාමද මෙම පාඩුව තවත් වැඩි වීමට හේතුවක් බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ගෑස් සංචිතයෙන් වැඩි ප්‍රමාණයක් හිමි ලිට්රෝ ගෑස් සමාගමේ ඉහල පෙළේ නිලධාරියෙකු සඳහන් කරන ලද්දේ ජනවාරි මාසයේදී රුපියල් බිලියන 1 දශම 09 ක පමණ පාඩුවක්ද, පෙබරවාරී මාසයේදී රුපියල් බිලියන 02කට ආසන්න පාඩුවක්ද සිදුව ඇති බවයි. කෙසේවෙතත් මෙරට ගෑස් මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරීය මේ දක්වා කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට