සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලන පක්‍ෂ 04 ට රතු එළියක් ..

Podu 2019 වර්ෂයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු විගණනය කළ ගිනුම් වාර්තා ලබානොදුන් දේශපාලන පක්ෂ 4ක් මේ වන විට හදුනාගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම දේශපාලන පක්ෂවල නියෝජිතයින් අප්‍රේල් මස 22 දින එම කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ. එදින අදාළ විගණන වාර්තා ලබාදීමට එම දේශපාලන පක්ෂ 4 අපොහොසත් වුවහොත් එම පක්ෂ පිළිගැනීම අත්හිටුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ අතර දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කොට ඇත්ද යන්න සහ එම පක්ෂවල ව්‍යවස්ථාවලටද එවැනි වගන්ති ඇතුළත්ව ඇත්දැයි සොයා බැලීම ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. ඒ පිළිබද සොයා බැලීමට අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත්කර ඇති බවයි. එම කාර්යයන් අධික්ෂණය කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් සහ ලේකම්වරයාද පත්කර ඇති බවයි එම කොමිෂන් සභාව සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට