සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට විශේෂ ඖෂධ කලාපයක් ගෙන එන බවට අගමැති ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව විහිළුවක් – සමගි ජන බලවේගය ..

Podu තමා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ දී මිල නියාමනය කිරීම සඳහා අවස්ථා දෙකකදී කටයුතු කළ බවත් තෙවන අවස්ථාවේදී ඖෂධ වල මිල නියාමනය කිරීම සඳහා ගැසට් පත්‍රය පවා නිකුත් කර තිබුණත් ආණ්ඩුව එය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ  වසරකට මිලියන 1075 ක් පමණ මුදලක් පිළිකා ඖෂධ සඳහා වැයකරන මුදලින් අලාභ වන බවයි. පිළිකා ඖෂධය පිළිබඳව නඩු තීන්දු 02 ක් ලබාදි තිබියදී ජනාධිපති කොමිසම හරහා ඒ පිළිබඳව කථා කිරීමට නොහැකි අතර ජනාධිපති කොමිසමට අධිකරණ බලයක් නොමැති තත්ත්වයක් තුළදී  ජනාධිපතිවරයාට අද වන විට අධිකරණය පිළිබඳව නොව කැලෑ නීතිය පිළිබඳව විශ්වවාස කරමින්න කටයුතු කරමින් සිටින නිසා එයට එරෙහිව  සටන් කිරීමට විපක්ෂයට සිදුව ඇති බවයි.

හෙතම මේ  බව පවසා සිටියේ අද (01) දින විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

හම්බන්තොට දිස්ත්‍රික්කයට විශේෂ ඖෂධ කලාපයක් ගෙන ඒමට කටයුතු කරන බවට පවසමින් අගමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එය විහිළුවක් බවත් තමා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඖෂධ කලාපයක් ඇති කිරීමට කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට කටයුතු කළ බවත් පවසන ලදි.

එමෙන්ම  හොරණ සහ මහනුවර ප්‍රදේශයන් තුළ ඖෂධ නිශ්පාදනය පළමු වරට යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කළ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ධාරිතාවයද බිලියන 02 සිට 04 දක්වා ජපන් ජයිකා අධාර යටතේ වැඩිදියුණු කරමින් රාජ්‍ය ආයතනයක් ලෙස එය ශක්තිමත් කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට