දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (03) දිනය තුළ දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ස්වල්ප වශයෙන් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.