යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 8957 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර..
මාර්තු 31 සිට අප්‍රේල් 01 වනදා දක්වා කාලය තුළ විවිධ යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 8957 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එහිදී යතුරුපැදි 295 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද එම ආරංචි මාර්ග පවසයි. යතුරුපැදි අනතුරු අවම කිරීමේ අරමුණින්න පොලිසීය දිවයින පුරා දින 04 ක විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. එහි පළමු දින දෙක තුළ ඉහත පිරිස හඳුනාගෙන තිබේ. ඒ අනුව බීමතින් යතුරුපැදි ධාවනයේ යෙදුනු පුද්ගලයින් 264 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව ඇත. අදාළ මෙහෙයුම ඊයේ (02) සහ අද (03) යන දෙදින තුළද ක්‍රියාත්මක වේ.