බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට අද උදෑසන සිට විශේෂ මෙහෙයුමක්..
අද (14) උදෑසන 09.00 සිට සවස 06.00 දක්වා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. බීමතින් රිය ධාවන කිරීම හේතුවෙන් සිදුවන අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් උත්සව සමය තුළ දක්නට ලැබෙන බැවින් එම තතත්වය වළක්වා ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම දියත් කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.