සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගතවූ දින කිහිපය තුළ පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 128ක් අත්අඩංගුවට…

Podu Jana Peramunaඊයේ (15) සිදුකළ මෙහෙයුමකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2.433 ක් සමඟ සැකකරුවකු වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වී ඇත. පසුගිය අප්‍රේල් 10 වන දින වත්තල ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 113 ක් හෙරොයින් ග්‍රෑම් 101ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ජා ඇළ ප්‍රදේශයේ දී තවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 15ක්, සැකකරුවන් සිව්දෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වී ඇත. ඉන් අනතුරුව ඔවුන්ගෙන්ද කල ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අප්‍රේල් 12 වන දින සපුගස්කන්ද, රත්ගහවත්ත ප්‍රදේශයේ දී අයිස් කිලෝ ග්‍රෑම් 110ක් හා සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගැනුනු අතර ඔවුන්ගෙන්ද කල ප්‍රශ්න කිරීම් වලින් වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

මේ වන විට සැකකරුවන් 11ක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර සොයාගෙන ඇති මුළු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 128කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට