ප්‍රදේශ කිහිපයකට අද වැසි..
අද (22) දිනය තුළ දිවයිනේ මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වලට තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.