දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන යළි ඉහළට, මරණ ගණනත් ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (01) වාර්තා විය. ඒ අනුව ඊයේ දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් ගණන 1,699 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. එමෙන්ම මේ දක්වා පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයින් ගණනද 96,478 ක් තෙක් ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 09 ක් වාර්තා වූ අතර ඒ සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වී තිබෙන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද 687 ක් දක්වා ඉහළ ගොස් ඇත.