ගෙවීගිය පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 187 ක් දැලේ..
අද (02) උදෑසන 06.00 දක්වා වන ගෙවීගිය පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 187 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. එමෙන්ම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රථ වාහනවල ගමන් කරන ලද පුද්ගලයන් 250 දෙනෙකුට අවවාද කර තිබෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.